මුල්කිරිගල ගුණරත්න .
මාතර හක්මණ දෙනගම ඇතිනිමලාර පුරාණ විහාරාධිපති අහංගම දිගරැද්ද විද්‍යාචන්ද්‍ර පිරිවෙනේ හිටපු පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බඩබැද්දේ චන්දරතන හිමියෝ (79) අපවත් වුහ.
උන්වහන්සේ මසක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපත් වු අතර එමෙන්ම ජපානයේ ප්‍රධාන සංඝනායක පනන් වෙල ඥානාලංකාර හිමියන් සමඟ එක්ව විද්‍යාචන්ද්‍ර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ ජාතික ආගමික හා ශාසනික සේවාවන් ඉටු කිරීමට උන් වහන්සේ කටයුතු කළ හ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය අද (23) සවස 4 ට අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරේ
