Spread the love


නිමල් රාජපක්ෂ-

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 ඹසුහල අම්බලන්ගොඩට.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 55 වන ඔසුසල ලෙස අංක 24, ගාලුපාර, අම්බලන්ගොඩ ස්ථානයේ ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළකලේ 55 වන ඹසුහල අම්බලන්ගොඩ විවෘත කළ අවස්ථාවේදිය.

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කථා කරන විට මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ නම ඉතා ඉහළින් කියවෙන බවයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන බවත්, සාධරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාගැනීමට මෙම ඔසුසල මගින් හැකියාව ලැබෙන බවත් පැවසුවේය.
මෙම කටයුත්ත ආරම්භ කළ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගමට තවමත් රාජ්‍ය ඔසුසලක් නොමැති විම අඩුවක් බවත්, කඩිනමින් ඒ සදහා ද කටයුතු සිදු කරන ලෙස ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට පෙන්වා දෙන ලදි.

මෙම වසරේ අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 407 ක් සෞඛ්‍ය සදහා රජය වෙන් කර ඇති බවත්, ඖෂධ සදහා බිලියන 180 ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසුවේය.. නිදහසින් පසු මෙරට කිසිම රජයක් අයවැය කළමණාකරණය කරගෙන ක්‍රමාණුකූලව මුදල් ප්‍රතිපාදන වැඩි කළා මිස අඩු කර නොමැත. නිදහසින් පසු වසර 70 ක් තුල අතිවිශිෂ්ට සමාජ පරිවර්ථනයක් සිදුව ඇති බවත්, එම පරිවර්ථනය මෙම කළාපයේ කිසිම රටක් අත්කරගෙන නොමැත.අඩුපාඩු පමණක් පෙන්වා නොදී සෞඛ්‍ය සේවාවේ සිදු කරන වැදගත් මෙහෙවර ජනතාව අතරට ගෙනයාම මාධ්‍ය සතු වගකීමක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා අබ වැපුරුවොත් අබ ලැබෙන බවත්, තල වැපුරුවොත් තල ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.