Spread the love

වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරනවා. නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකිය. නමුත් ඔබගේ පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එහි ඇති වටිනාකම කුමක්ද කියා අප විමසා බැලිය යුතුයි.

බලය බෙදීම පිළිබඳ අපට විවිධ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් අද වන විට තමන්ගේ වියදම තමන්ටම සලසා ගැනීමට හැකියාවක් තිබෙන්නේ බස්නාහිර පළාතට පමණයි. ඒ අනුව අනෙක් සියලුම පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වෙනවා. එසේනම් තමන්ගේ පළාත දියුණු කිරීමට තම පළාත් තුළින්ම ශක්තිමත් විය යුතුයි.

ඔබේ පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් රජය ඊට මුදල් ලබාදිය යුත්තේ ඇයි. ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් සහ අවශ්‍යතාවය තිබේ නම් ඔබට එය පහසුවෙන් ආරම්භ කළ හැකි විය යුතුයි. සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ආධාර ලබාදීම රජය සිදු කරනවා. ලෝකයේ සෑම රටකම පවතින අධ්‍යාපනය ක්‍රියාත්මක එයයි. මට කළහැක්කේ මේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවත සකස් කිරීම පමණයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් , ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.