Spread the love

ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් (16) අද රාත්‍රී සියලු තැපැල් දුම්රිය අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

යළි දුම්රිය ධාවනය (17) හෙට අළුයම 05.00 න් පසු ආරම්භ කරන බව පැවසීය.

ඇදිරි නීතිය අළුයම 05.00 ඉවත් කර ද පාන්දර ධාවනය වන දුම්රිය කිහිපයක සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමය සදහන් කරයි.