නිමල් රාජපක්ෂ
වැඩ තහනම ට ලක්කල දුම්රිය රිය සහායක ඒ.කේ.එස් රංගන ගේ සේවය යළි පිහිටවුයේ තැන්නම් හෙට උදේ සිට දුම්රිය වර්ජනයක් දියත් කරන බව දුම්රිය එංජින් සහායක හා දුම්රිය එංජින් රියදුරු සංටින් සංගමයේ සභාපති පී.ඒ.ධනුෂ්ක පෙරේරා මහතා පවසයි.
සිද්ධිය සැකෙවින් මෙසේයි.
කළුතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 කොළඹ මරදාන බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය අද(19) දින විනාඩි දහයක් ප්‍රමාද වී ගමන් අරඹා තිබේ. මීට හේතුව වි ඇත්තේ දුමරිය රියදුරු රිය සහායක හා නියාමක යන තිදෙනා දුම්රිය ස්ථානාධිපතිරවරයා උදේ පාන්දර 5.00 නැගිටින්න කථාකල යුතුවෙයි. නමුත් දුම්රිය ස්ථානාධිපතිරයා රියදුරු හා නියාමක ට පාන්දර කථාකලද රිය සහයාක ට කතා නොකිරිමට නිසා උදේ 6.30 රිය සහායක අවදිවී තිබේ. රිය සහායක එක දිගට දින හයක් රාජකාරියේ නිරවී සිටි අයකු බවද සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා මහතා පවසයි
දුම්රිය ස්ථානාධිපති අනිවාර්යයෙන්ම දුම්රිය රියදුරු නියමක හා රිය සහායක උදේපාන්දර අවදකරවිය යුතු බවද ධනුෂ්ක පෙරේරා මහතා පවසයි.
රිය සහායකට පාන්දර දුම්රිය ස්ථානාධිපතිවරාය අවදි නොකිරීම නිසා දුම්රිය විනාඩි දහයක් ප්‍රමාද වී ගමන් ඇරඹුවද අදාල සිද්ධිය දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය සාමාන්යාධිපතිවරයාට ලිඛිතව දැන්වීමෙන් පසු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දුම්රිය රිය සහායකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත
. අත්හිටුවීම අවලංගු කොට යළි සේවයේ පිහිටුවීමට ක්‍රියා නොකල හොත් හෙට(20) උදේ සිට රියදුරන්ගේ ද සහාය ඇතිව දුම්රිය වර්ජනයක් දියත් කරන බවද ධනුෂ්ක පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.
