නිමල් රාජපක්ෂ
රජය ගත් දූරදර්ශී ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ඩොලර් සංචිත ඉහළ යාම හා ඩොලර් ඉල්ලුම අඩුවීම යන සාධක මත රුපියල ශක්තිමත් වී ඇති බවත්, ඩොලරය පහළ යාම ද පාලනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඩොලරය අවප්‍රමාණය වීම අපනයන ආදායම සඳහා ඍජු ලෙස බලපාන බවයි අමාත්‍යරයා සඳහන් කළේ. වීදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාම, සංචාරක කර්මාන්තයේ පිබිදීම සහ තව දුරටත් භාණ්ඩ 1216කට ආනයන සීමා පනවා තිබීම ආදී කරුණු මේ වන විට විදේශ සංචිත ප්රමාණ්ය ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රුපියල ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපට ලැබෙන විදේශ ප්‍රේෂණ පැහැදිළිව පසුගිය වසරට වඩා වැඩියෙන් ලැබන බව පේනවා.අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙන ආදායම් තත්ත්වය වැඩිවෙලා තියෙනවා. ආනයන සඳහා කරන වියදම අපි තාමත් රේගු සංකේතාක 1216ක් නවත්තලා තියෙනවා.
මෙන්න මේ සියල්ලම ගත්තාම ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සැපයුමට වඩා අඩුවෙලා තියෙනවා.සැපයුම වැඩි ඉල්ලුම අඩුයි.මේක තමයි සාධාරණ හේතුව.මේ වෙලාවේ මහ බැංකුව යම්කිසි පාලනයක් කරනවා ඩොලර් මිළදී ගැනීමට.කෙටි කාලයක් තුළ බැලුම අපි ඩොලර් මිලියන 1500ක් පමණ මිළදි ගෙන තියෙනවා.බින්දුවට වැටිලා තිබූණ සංචිත ප්‍රමාණය අද බිලියන 03 ඉක්මවා ගිහින් තියෙන්නේ.අපි මේ කරන පාලනය, රුපියලේ අගය රැක ගැනීමට නෙවේ ඩොලරය අනවශ්‍ය විදිහට පහළට වැටෙන එකයි අපි පාලනය කරලා තියෙන්නේ.කිසිසේත්ම රුපියලේ අගය වැඩවීම කෘත්රීමව කරපු දෙයක් නෙවෙයි රජය.පැහැදිළිවම විධීමත් විදිහට කළමණාකරනය කරමින් ඩොලරයේ අගය අනවශ්‍ය විදිහට පහළට වැටෙන්නත් නොදී තමයි මේක පවත්වාගෙන යන්නේ.මොකද අනවශ්‍ය විදිහට ඩොලරය පහළට වැටුනොත් ඒක අපනයනකර්මාන්තයට ඒක විශාල ප්‍රශ්නයක් තිබෙනවා.අපනයන සඳහා ලැබෙන රුපියල් ප්‍රමණාය අඩුවීම තුළ.රුපියලේ අගය වැඩිවීම කෘත්රීමව හදපු පරිසරයක් තුළ නිර්මාණය කරපු දෙයක් නොවේ. යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
