Spread the love

රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගැනීමේදී මුදල් නොමැති පිරිස් වෙත ගෞරවාන්විතව නොමිලේ බෙහෙත් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත්, මුදල් ගෙවීමට හැකි අය සඳහා මුදල් ගෙවා ඹෟෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අද පවතින තත්ත්වය මත මුදල් ඇති පුද්ගලයින් සහ මුදල් නොමැති පිරිස් යන දෙපිරිසම නොමිලේ බෙහෙත් ලබා ගන්නා බවත් එය අසාධාරණ ක්‍රමවේදයක් බවයි

. ජයවර්ධනපුර රෝහලේ ඒ ආකාරයෙන් සුළු මුදලක් අයකර මුදල් ඇති පුද්ගයින්ට සල්ලි ගෙවා බෙහෙත් ලබා ගැනීමට සහ එසේ මුදල් නොමැති පිරිස් වෙත ගෞරවාන්විතව නොමිලේ බෙහෙත් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසුවේ.