Spread the love

අලුත්ගම දර්ගා නගරයේ කුඩා සුපිරි වෙළඳසැලක සේවයෙන් කරමින් සිටී මුදල් අයකැමි 18 හැවිරිදි තරුණියක් එම වෙළෙඳ සැලෙන් රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක් වංචනිකව සොරකම් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරු අලුත් ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර අයකැමිවරිය අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කිය.

දර්ගා නගරයේ හා අලුත්ගම නගරයේ මෙම වෙළඳ සැල් හිමිකරුට ව්‍යාපාර ස්ථානදෙකක් තිබෙන බවත් දර්ගා නගරයේ වෙළෙඳ සැලෙන් මෙම වංචාව සිදුව ඇති බවත් ඒ අනුව සිද්ධියට සම්බන්ධ දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි සැකකාර අයකැමිවරිය පොලීසිය අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් මෙම සොරකම සිදුකර ඇති බව පාපොච්චාරණය කර තිබෙනබවත් සැකකාරිය මාසයක් ඇතුළත විටින් විට දෛනිකව මෙම සොරකම සිදුකර තිබෙන බවත්අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ සිදුකළ සොරකම පිළිගෙන රුපියල් ලක්ෂ හතක්වූ මුදලක් ලබාදී ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති වරයා පැවසීය.
සැකකාරිය එම වෙළඳසැලේදෛනිකව සිදුකෙරෙන භාණ්ඩ අලෙවියෙන් ලැබෙන මුදලින් වරින් වර දිනපතා මෙම සොරකම සිදුකර පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.