Spread the love

ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මුදාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

මුදාගත් ධීවර යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් ඇති බවයි සඳහන් .

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබිණ.