Spread the love

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට මේ වනවිට විශාල කළකිරීමට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඒ අනුව ඡන්දය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව ජනතාවට බොරු ප්‍රකාශ කළ බවත් එම බොරු විශ්වාස කර ජනතාව ඡන්දය ලබාදුන් බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.

මේ වනවිට ආණ්ඩුවට ලංකාවට ලැබෙන ලොකුම ණය මුදල ලෝක බැංකුවෙන් ලබාගන්නා බවට සඳහන් කරමින් එය සංතෝෂයට කාරණාවක් කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ලොවෙත් නැතිවෙන බොරු පවසා, ලොවෙත් නැතිවෙන ජයග්‍රහණයක් ලබා ලොවෙත් නැතිවෙන්න පච වෙන ආණ්ඩුවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.