නාගොඩ- සුමන
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව 2016 වසරේදී මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කරන ලදි
නමුත් ගත වූ කාලය තුළ මෙරටින් මැලේරියා රෝගින් 09 දෙනෙකු වාර්තා වී ඇතිබව මැලේරියා මර්දන වියාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි.
පසුගිය වසරේ මැලේරියා රෝගීන් 62 මෙරටින් වාර්තා විය.
මැලේරියා රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතරිණි.
එම අවධානම් කණ්ඩායම් ලෙස සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයන් , ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පුද්ගලයන් සහ මැණික් වෙළදාම සඳහා ගොස් පැමිණි පුද්ගලයන් හඳුනා ගත හැකි බව වැඩිදුරටත් පැවසුවේය
