කළුතර පළාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේදී මාර්ගයකදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු මියගිය පුද්ගලයාගේ ඥාතී පුතෙකු බව පොලීසිය පවසයි.
සැකකරු ඊයේ (17) රාත්‍රී කළුතර, ගල්ලස්හේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මියගිය පුද්ගලයා හා ඔහු අතර වචන හුවමාරුවක් දුරදිග යාම නිසා එම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඔහු අද (18) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර පළාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ මාර්ගයකදී 16 වනදා රාත්‍රී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකුව ඝාතනය කර තිබුණි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පළාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැවිරිදි අවිවාහකයකු බව පොලීසිය පැවසීය.
මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිදයමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේම ඇදවැටී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
