Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ඊයේ දිවයිනට පැමිණ තිබේ.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයෙනි.

නිල සංචාරයල් සදහා ඊයේ (3) මෙරටට පැමිණි ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගන්නා ලදී. 

මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය යන මහත්වරුන් හමුවී අමාත්‍ය හේරත් මහතා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට නියමිතය.