Spread the love

තඹුත්තේගම, කොත්මල්පුර ප්‍රදේශයේ 59 හැවිරිදි සිව් දරු පියෙක් වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබුණි.

ගම්වාසීන් පවසන්නේ වනඅලි තර්ජන පිළිබඳව වනජීවී නිලධාරීන් කොතෙක් දැනුවත් කළ ද ඉන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවය.

තඹුත්තේගම කොත්මල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි නවරත්න දිසානායක 
ඊයේ (31) පස්වරුවේ යතුරුපැදියෙන් සිය කුඹුරු යාය වෙත යෑමට නිවසින් පිටත්ව තිබුණි.

ඒ, ඔහු විසින් වගාකර ඇති එළවළු වගාව බැලීම සඳහාය.

කෙසේවෙතත් කුඹුරට යනෙන අතරතුර වනඅලියෙකු ඔහුට පහරදී තිබේ.

පුත්‍රයෙකුගේ හා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහුව තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් අවසන්ය.

ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් නිරන්තරයෙන් මෙවැනි වනඅලි ප්‍රහාරවලට ගොදුරු වන බවය.

කෙසේවෙතත් ඊට කිසිඳු විසඳුමක් ලැබී තවත් ලැබී  නොමැති බව ඔවුන් සඳහන් කළේය.

කෙසේවෙතත් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මේ වසර අවසන් වන විට වැඩපිළිවෙළක් සකසන බවය.

මේ අතර පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ සිරිකඳුයාය ගම්මානයට මීට දින 5කට පෙර පැමිණි අලියෙකු රෝගාතුරව කුඹුරක රැඳීසිටින අයුරු අප කැමරා කාචයේ සටහන්ව තිබුණි.

කුමාරඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළ පසු අලියා පරීක්ෂා කර ඇති අතර පශු වෛද්‍යවරයෙකු මෙතෙක් පැමිණ නොමැති බව වාර්තා වෙයි.