Spread the love

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත.,

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,03 වන මහල,නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල යන ලිපිනයට හෝ -දුරකථන අංකය : 037 2224337-ෆැක්ස් අංකය : 037 2224337 මගින් තොරතුරු ලබා ගැනීමට පුලුවන