Spread the love

වයඹ පළාත් සභා සේවකයින් තම දිනක වැටුප වශයෙන් රුපියල් 12,249,222ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ් අනුව වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වසන්ත ගුණසේකර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ඊයේ (09) පස්වරුවේ පිළිගන්වනු ලැබීය.

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. එම්. එම්. එස්. ඒකනායක, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්. පී. කුමාරසිංහ, වයඹ පළාත් සභාවේ ගණකාධිකාරි අනුපමා අබේසිංහ, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක, ප්‍රජා සංවර්ධන නිලධාරි අජන්තා වීරසේකර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.