Spread the love

තැපැල් සේවකයින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව තැපැල් සේවකයින් අද දිනයේ සේවයට වාර්තා කරන අතර එකතුවී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බවද ඹවුන් පවසයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනය දියත් කළහ.