විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් දියත් කළ අඛන්ඩ වැඩ වර්ජනයට විසදුමක් නොලැබුන හෙයින් හෙට(14) සිට මෙතෙක් ස්වේච්ජාවෙන් සිදුකල අත්‍යාවශ්‍යසේවා වලින්ද ඉවත් වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.
වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් වැඩවර්ජනයක නිරත විය. නමුත් මෙතෙක් එයට විසදුම් නොදුන් බැවින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ සහ උසස් අධ්‍යාපන ආයතන 17 කටයුතු මේවන විට අඩාල වී තිබේ.
