නිමල් රාජපක්ෂ-
අද සවස ඇතිවු ධාරානිපාත වර්ෂාවත් සමගින් දුම්රිය වර්ණ සංඥ පද්ධතිය අක්‍රිය වීමෙන් ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ධාවනයවු සියළුම දුම්රියයන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය කෙරිණ.
අධික වර්ෂාවත් සමගින් කැළණිය හුණුපිටිය ,රාගම හා ජාඇල යන ස්ථානවල වර්ණ සංඥ පද්ධතිය ය අක්‍රියවීම නිසා පස්වරු 5.00 සිට රාත්‍රි7.30 පසු වනතුරුත් දුම්රිය ධාවනය ෆයිලට් ක්‍රමයට ධාවනය කළ බවද නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන එම් .ජේ ඉදිපොලගේ මහතා පවසයි.
මේ හේතුව නිසා මගීන් පැය ගණන් ප්‍රමාද වී නිවෙස් කරා ගමන් කිරීමට සිදුවුහ.