Spread the love

කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක දී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනා ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කරඇත.

ඔවුන් අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් . පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක දී ඔවුන් ඊයේ (18) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබිණ