Spread the love

කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් වැටී හානි සිදුව තිබෙනවා.

වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතටයි මෙලෙස පස් කන්ද වැටී ඇත්තේ.

නිවසට හානි සිදු වුවද එහි සිටි කිසිවෙකුටත් ඉන් හානි සිදුව නැති බවයි සහන නිලධාරීන් සඳහන් කලේ.
මේ අතර ප්‍රදේශ රැසකට අද දිනයේද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ස්ථාන කිහිපයකට නායයෑමේ අවදානම් නිවේදනද නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.