වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ආනයන සීමා පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන සඳහා පමණක් මේ වන විට පවතින බවත්, එම සීමාවන් ඉදිරියේදී ලිහිල් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
