Spread the love

රාජ්‍ය සේවකයින් ලක්ෂ 14 ටම වැටුප් වැඩි කිරීමට නම් ඒ සඳහා ට්‍රිලියන ගණනක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

එම නිසා රජය පවසන වැටුප් වැඩීවීම කිරීමට නම් රාජ්‍ය සේවය සීමා කිරීමට සිදුවෙන බවය ඹහු පවසන්නේ

ආදායම් වැඩි කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි බවත්, වියදම සහ නාස්තිය දෙස අනිවාර්යෙන් බැලිය යුතු බවයි

රටේ දළ දේශිය නිෂ්පාදනය වැඩි වුවහොත් පමණක් හො​ඳ ආදායමක් ලබාගත හැකි බවද, ඒ සඳහා රටේ ආයෝජන ඇති කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.