Spread the love

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අනුව තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05ක් දක්වා උපරිම දඩ මුදලක් නියම කරන බව පවසයි.
පුද්ගලික සමාගමක් විසින් පාලන මිල ඉක්මවා සහල් අලවි කරහොත් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් මිලියන 05 දක්වා උපරිම දඩ මුදලක් නියම කිරීමට හැකි බව එම අධිකාරිය පවසයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.
දේශීය සුදු සහ රතු නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක් ද දේශීය සුදු හා රතු සම්බා කිලෝව රුපියල් 230 ක උපරිම සිල්ලර මිලට අලවි කර හැකිය.

දේශීය කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි