Spread the love

ජාතික නැකත් කමිටුවේ ඇතුළුව සංස්කෘතික අමාත්‍යාංශය තුළ විශාල වෙනස්කම් සිදුවිය යුතුව ඇති බව සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් එය කරගැනීමට හැකියාවක් නැතිව තමන් බරපතළ හිරවීමක සිටින බවද ඔහු පැවසීය.

දැන් තමන්ට ඉතිරිව ඇත්තේ විකල්ප වැඩපිළක් සොයා ගැනීම හෝ ධුරයෙන් ඉවත්වීම බවද ඔහු සදහන් කරයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාටද දැනුම් දුන්නද නමුත් තමන්ට බලාපොරොත්තු වන උත්තරය මෙතෙක් නොලැබුණු බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.