Spread the love

-නාගොඩ සුමන

දිවයින පුරා විදුලිය බිද වැටීම පිළිබඳ කෙටිකාලීන වාර්තාවක් අද (10) බලශක්ති අමාත්‍යාංශයට ලබා දෙන බව විදුලි බල මණ්ඩපයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසීය.
එකවර රට පුරා විදුලිය බිදවැටීමට හේතුව ඉන් අනාවරණය කරන බව පැවසීය.
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකර යුතු ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කරන බව පැවසීය.
පවතින තත්ත්වය තුළ ඇතිවිය හැකි හදිසි විදුලිය බිදවැටීම් සම්බන්ධයෙන් අධ්‍යනය කරමින්‍ ඇතිබව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව දෛනිකව අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩපයේ තීරණය අද ප්‍රකාශයට පත්කරන බව පැවසීය.
පානදුර ග්‍රීඩ් උප පොළේ ඊයේ පෙරවරු 11.15 පමණ ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ සමතුලිතතාවය බිද වැටීමෙන් දිවයින පුරා විදුලිය බිදවැටීම සිදුවිය.
මේ අතර තවදුරටත් නොරොච්චෝල ගල් ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීයව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයෙ සභාපතිවරයා පැවසීය.
මෙගාවොට් 300 බැගින් ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 900ක් එක් කෙරේ.
එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින කිහිපයක් ගතවනු ඇතිබව එහිදී පැවසීය.
එතෙක් විදුලි උත්පාදන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් අද සිදුකරන බව වැඩිදුරටත් පැවසීය.