Spread the love

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය විදුලි සේවකයින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.