Spread the love

වසර ගණනාවකට පසු නිලධාරීන්ගේ විවිධ දුෂ්කරතා අක්‍රමිතා වෙනුවෙන් පෙනී සිටිම හා ඒවා නිරාකරනය කර ගැනීම සදහා වෘත්තීය සමිතියක් නොතිබුණු හෙයින් ”සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමය” යනුවෙන් පසුගියදා වෘත්තීය සමිතියක් ස්ථාපිත කළ බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
මෙහි මංගල රැස්වීම රාජගිරිය කොන්ෆි ශාලාවේදී පැවැත්විණ. එහිදී ප්‍රථමයෙන් සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරි මඩුල්ල පත්කර ගැනීමට පියවර ගෙන ඇත.
සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙසත් ,උපසභාපති ලෙස නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පී.එච්.චන්ද්‍රසිරි සිල්වා ,ප්‍රධාන ලේකම් ලෙස දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සී.ජේ.ඒ වීරක්කොඩි (චන්න වීරක්කොඩි) ,භාණ්ඩාගාරික ලෙස නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්.එම්.එස්.පී.ඒ.කේ රත්නායක(ශාමන් රත්නායක) ,විධායක කමිටු සාමාජිකයින් ලෙස දකුණු පලාත් සුරාබදු අධිකාරී එම්.ඩී.පී.සුනිල් ශාන්ත , අනුරාධපුර සුරාබදු අධිකාරී එස්.කේ වනිගතුංග,සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය සුරාබදු අධිකාරී නාලක මලවිපතිරණ, සුරාබදු අධිකාරී කේ.ඩී.සුමිත් චන්ද්‍රකුමාර,සුරාබදු අධිකාරි ඒ.ඒ.ආර්.පෙරේරා යන මහත්වරු පත්වුහ.
සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ගේ මඩුල්ල පත්කර ගැනීමෙන් පසු මුලින්ම සිදුවුයේ වයස 60 ඉක්මවු නිලධාරීන් සේවයේ යෙදීමට කර ඇති ඉල්ලීමට විරෝධය දැක්වීමයි. මීට අමතරව පුරප්පාඩු පිරවීමේදී ජේෂ්ඨත්වය මත ලබාදීමත් , නිලධාරීන් පත් කිරීමේදී ක්‍රමවේදයක් සැකසීම ,විෂමතාවයන් ඉවත් කිීරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් කෙරෙහි විශේෂ තීන්දු තීරණ ගැනීමටද සමත්විය.