Spread the love

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්ගෙ ජුලි 1 වැනිදා සිට ගෙවීමට ට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වෙයි.

ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වෙන බවද දැනුම්දෙයි.