විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom හරහා වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අද සවස සිදුකිරීමට තීරණය කළ බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ඒ අනුව එම රැස්වීම අද සවස 3.00 ට පැවැත්වීමට නියමිත අතර රට තුළ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට නියමිතයි.
මීට පෙර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පක්ෂනායක රැස්වීමක් සිදුනොකරන බවට කථානායකවරයා නිවේදනය කර තිබුණා