නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව ඇල්ල ප්‍රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.
දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අද (27) පස්වරුවේ ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුපද්‍රිතව බේරා ගනී .
එසේ බේරාගත් අය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කල අතර, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කන්ඩායම විසින් සිදු කරන ලදී.
