නිමල් රාජපක්ෂ
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් සිය ආහාරවේලක් ආපදාවට පත්වු ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.
| අංකය | බන්ධනාගාර ආයතනයේ නම | පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම | පරිත්‍යාගයන් ලබා දී ඇති ස්ථානය |
| 01. | නව මැගසින් බන්ධනාගාරය | රුපියල් 450,710.00 | තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
| 02. | වැලිකඩ බන්ධනාගාරය | රුපියල් 454,630.00 | කොළඹ මහ නගර සභාව |
| 03. | බෝගම්බර බන්ධනාගාරය | රුපියල් 367,949.00 | මැණික්හින්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
| 04. | මාතර බන්ධනාගාරය | රුපියල් 105,046.80 | මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
| 05. | මහර බන්ධනාගාරය | රුපියල් 386,010.00 | සිරස / ශක්ති මාධ්‍ය ජාලය |
| 06. | කුරුවිට බන්ධනාගාරය | රුපියල් 195,150.00 | යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
| 07. | යාපනය බන්ධනාගාරය | රුපියල් 258,612.00 | යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
| 08. | මොණරාගල බන්ධනාගාරය | රුපියල් 96,471.00 | මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය |
| 09. | අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය | රුපියල් 540,679.00 | අගුණුකොලපැලැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
| 10. | මඩකලපුව බන්ධනාගාරය | රුපියල් 209,224.00 | මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
