Spread the love

වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අවුරුදු 56ක් වයසැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.