Spread the love

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ YOULEAD වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන හඳුන්වා දීමේ ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද(08) පැවැත්විණි.

ගම්පහ සහ මුලතිව් දිස්ත්‍රික්ක වල නියමු ව්‍යාපෘතියක් ලෙස අරඹනු ලබන මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන යටතේ නිපුනතා සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාසැල් හැරයන රැකියා විරහිත තරුණ තරුණියන් පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ රැකියාවන් සඳහා යොමු කළ හැකි වෘත්තීය නිපුනතාවක් ලබා ගැනීම සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි.
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ/ මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් එම් පෙරේරා, සමෘද්ධි අධ්‍යක්ෂ (අලෙවි) කිත්සිරි, YOULEAD ආයතනයේ අධ්‍යක්ෂ (නිපුනතා සංවර්ධන) නිරෝෂ හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු නිපුනතා සංවර්ධන නිලධාරීන්, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි මහ සංගම් කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.