Spread the love

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.

මෙලෙස වෛද්‍යවරු විදෙස්ගත වීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු සුලභ කරුණක් වූ අතර මේ හේතුවෙන් රෝහලවල වෛද්‍ය ඒකක පවා වසා දැමීමට සිදු වුණි.