චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ගත්තොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි මෙරට ජාතිකත්වයේ පක්ෂය. දේශප්‍රේමීත්වයේ පක්ෂය. ඒ ජාතිකත්වයේ මතවාදය කුඩුපට්ටම් කරලා කුණුකූඩයට දාපු චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල මහත්මයා වගේම විජයදාස රාජපක්ෂ මහත්තයත් මේ රටේ ඇමතිවරයෙක්. ආණ්ඩුවේ සාමාජිකයෙක්.
ප්‍රථිපත්තිමය වශයෙන් දෙපාර්ශවය අතර වෙනසත් තිබුනත් අවසානයේ දෙගොල්ලම ආන්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක වෙනස් වෙන්න නම් විජයදාස රාජපක්ස මහත්තයා ඇමතිධූරයෙන් ඉවත්වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්විය යුතුයි.
