කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදහන් වී ඇත.
එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිතවාදී මැති ඇමැති පිරිසක් එහි මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසු මෙම ලිපි ගොනු අතුරුදහන් වීම සම්බන්ධයෙන් වැඩබලන මහලේකම්වරයා විසින් පැමිණිලි කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අධිකරණය වාරණ නියෝගයක් මේ වන විට නිකුත් කර ඇත.
එවන් පසුබිමක පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා වහාම මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පක්ෂ වැඩ බලන මහලේකම්වරයාට දැනුම්දී තිබේ.
වැඩ බලන මහලේකම්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් දැනුම් දී ඇත්තේ අධිකරණ නියෝගයක් තමන් නැති මෙතෙක් ලැබී නිසා මධ්‍යම කාරක සභාව කැදවීමේ බලයක් තමනට නැති බවයි.
