නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 183ක් (කිමී 338ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයකට ලක්ව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද
18) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.
කුඩාවැල්ල ධීවර වරායෙන් 2025 සැප්තැම්බර් මස 04 වැනි දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රාවක්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 183ක් (කිමී 338ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකුගේ පාදයක් ආබාදයකට ලක්ව අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකෙරිණි.
