2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් රාජ්ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකුණු 45 ක්, හර්ෂිතා සමරවික්රම ලකුණු 24 ක්, චමරි අතපත්තු ලකුණු 21 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එමීර් රාජ්ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.
