Spread the love

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත්විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 28ක් රැස්කළ අතර Usman Ghani ලකුණු 27ක් රැස්කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 12කට කඩුලු 3ක් දවාගත්තේය.

ලහිරු කුමාර ලකුණු 12කට කඩුලු 2ක් දවාගත් අතර කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තේය.