සංචාකර පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (11) රාත්‍රි 7.00 පැවැත්වේ.
තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනේ පාකිස්තානයයි.
දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණි.
වර්ෂාව හේතුවෙන් දෙවන තරගය අතහැර දැමීමට සිදුවූ අතර ඒ අනුව මේ වන විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි.
වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන 20-20 තරගයේ ප්‍රවේශත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට අද දඹුල්ලේදී පැවැත්වෙන 3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
