Spread the love

ගණේමුල්ල ,කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ 6 සිට 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ඊයේ (02) එම විද්‍යාලයේදී පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය විසිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමේ ජාතික වැඩසටහන් මාලාව යටතේ මෙම දැනුවත් කිරීම සිදු කෙරිණි .

මෙම වැඩසටහන අවස්ථාවේදී ම මෙම පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව ද පිහිටුවීමට පියවර ගැනීම විශේෂත්වයකි. මේ සඳහා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක කණ්ඩායම ද ඔවුන්ගේ සහයෝගය ලබා දුන් බව වැඩසටහන මෙහෙය වූ හර්ෂනී ආරියරත්න මහත්මිය පැවසුවාය.