Spread the love

පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී අදාළ වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු බවට වන ගැසට් නිවේදනය ඊයේ (01) සිට බලාත්මක යි.

ඒ අනුව, මින් ඉදිරියට වෙළඳසැල්වලින් නොමිලයේ පොලිතින් බෑග් නිකුත් කරනු නොලැබෙනු ඇති බවයි මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසා සිටියේ.

භාණ්ඩයක් මිලදී ගැනීමට වෙළෙඳසැලකට යාමේදී ඒ සඳහා සුදුසු බෑගයක් තම නිවසින් රැගෙන යන ලෙසත්, පරිසරය සුරැකීමට දායකවීම සඳහා පාරිභෝගිකයාට ද යුතුකමක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.