Spread the love

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා විරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඇයගෙන් පැය 5 කට ආසන්න කාලයක් මෙසේ ප්‍රශ්න කර ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

සංගීතා වීරරත්න සහ සංගීතා වීරරත්න සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවීම මත මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අවස්ථා කිහිපයකදීම සංගීතා වීරරත්නට සහ තවත් රංගන ශිල්පිනියකට රහස් පොලිසිය හමුවේ පෙනීසිටින්නැයි දැනුම් දුන්නද ඔවුන් එහි පෙනී නොසිටීම මත ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර තිබිණි.