Spread the love

වැලිමඩ ප්‍රදේශයේ විජය මහ විදුහලේ රාජකාරි කාලය තුළ ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුරුවරුන් දෙදෙනා සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 1.9ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.