පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
රජය විසින් මෝල් හිමියන් ගෙන්වා සිදුකළ සාකච්ඡාවේදී බැංකු ප්‍රශ්න නිසා මෝල්වල ඇති සහල් නිදහස් කිරීමට නොහැකි බව පැවසූ බවත්, එයට පිළිතුරක් ඊයේ සපයා දුන් බවත්, ඒ අනුව අද සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220 ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට මෝල් හිමියන් එකඟ වූ බවයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසා සිටියේ.
