අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
උන්වහන්සේ අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ.
