Spread the love
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙන් තිලක් වීරසිංහ මහතා ඉවත් කර තිබේ.
ඔහු ධුරය දැරූ කාලය තුළ එම අධිකාරියේ වංචා දුෂණ රැසක් සිදු වී ඇතැයි විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විගණන වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබේ.
නීති විරෝධී ලෙස පතල් කැනීමට අවසර ලබා දීම, රුපියල් කෝටි සියයක පමණ වටිනාකමින් යුත් මැණික් මල්ලක් රාජසන්තක කර තිබේ දී නීති විරෝධී ලෙස එය මුදා හැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්ද සිදු කර තිබේ.