Spread the love



ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ආරම්භ කෙරුණි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා, ආයතනයේ සේවකයින් බත්තරමුල්ල පැලවත්ත, බුද්ධදාස මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය දක්වා පැමිණියහ.
පරිසර හිතකාමී නගරයක් සහ සෞඛ්‍ය සම්පන්න නගරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තවද මාර්ග තදබදය අවම කිරීම, ප්‍රධාන මාර්ගයට අමතරව නගරයේ ඇති අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවේ.
පාපැදියෙන් සේවයට පැමිණෙන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට ආවරණ සහිතව වෙනමම ස්ථානයක් අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සලසා තිබේ.
තවද පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ද අවසරය මෙහිදි හිමිවේ.