සරම්ප රෝගය සදහා ලබා දෙන එන්නත ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දෙනෙකු පසුගිය කාලයේ කටයුතු කර බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සමිත ගිනිගේ මහතා පැවසීය.
එය සරම්ප රෝගය යළි රටතුළ හිස එසවීමට එක් හේතුවක් විය හැකිය.
මෙරට තුළ සරම්ප රෝග එන්නත් ලබා නොගත් දරුවන් දස දහසක් සිටිය හැකි බවට අනුමාන කර හැකි බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙතෙක් වාර්තා වී ඇති සරම්ප වැලදුනු රෝගීන්ගෙන් 50% කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
සරම්ප රෝගය ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයක් වන අතර ස්වසන මාර්ගය හරහා එම වෛරසය ශරීර ගතවෙයි.
වෛරසය ශරීර ගතවී සති 02ක් පමණ වනවිට රෝග ලක්ෂණ මතුවීම සිදුවෙයි.
ඒ අනුව උණ,සෙම්ප්‍රතිශ්‍යාව ,නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම එහි මූලික රෝග ලක්ෂ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
